දූෂණ චෝදනා මත පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ.
70 හැවිරිදි ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්‍යාග නීති විරෝධීව අලෙවි කළ බව කියන චෝදනා ඇතුළු දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදුකෙරිමිණ් පැවතිණි.
කෙසේ වෙතත් තමන්ට එල්ලවී ඇති චෝදනා සියල්ල ඉම්රාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ඛාන්ට සක්‍රීය දේශපාලනයේ නිරත වීමද වසර 05කට අත්හිටුවා ඇත.
Views: 0










