අන්තර් ජාතික ක්රිකට් සම්මේලනයේ සභාපතිවරයා ලෙස පකිස්තානයේ ප්රවීන ක්රිකට් ක්රීඩකයකු වන සහීර් අබ්බාස් බටහිර ඉන්දීය කොදෙව් – බාබේඩෝස් හිදී පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික සම්මේලනය අතරතුරදී පත් කරගෙන තිබේ.
අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලයේ හිටපු ප්රධානීන්ට එරෙහිව පසුගිය කාලය පුරාවට විවිධ දූෂණ චෝදනා එල්ල වූ අතර ලෝක ක්රිකට් ක්රීඩාව රටවල් කිහිපයක් විසින් හසුරුවන තත්වයක් දක්වා වර්ධනය විය. විශේෂයෙන්ම ඉන්දීයාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරඟාවලිය හරහා ක්රිකට් ක්රීඩාවේ ගුණාත්මක භාවය දැඩි ලෙස බිඳවැටීමකට ලක් කර තිබේ.
මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වා ඇති ක්රිකට් සම්මේලනයේ ප්රධානියා ලෙස කටයුතු කරන එන්. සිරිනිවාසන් ප්රකාශ කර ඇත්තේ නව සභාපතිවරයා ක්රිකට් ක්රීඩාවේ සුහද තානාපතිවරයකු ලෙස කටයුතු කරනු ඇති බවයි.
Views: 0









