පිරිසිදු පානීය ජලය ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල ජනතාවට ගෝටාබය රාජපක්ෂගේ විරයරු නියෝග අනුව වෙඩි තබා පාසල් සිසුන් දෙදෙනෙකු සහ කම්කරුවෙකු ඝාතනය කර අදට (අගෝස්තු 01) වසර 10ක් සම්පූර්ණ වේ.
එම ප්‍රදේශයේ පිහිටා තිබූ කර්මාන්ත ශාලාවකින් මුදාහරින රසායනික ද්‍රව්‍ය භූගත ජලයට එකතුවීම නිසා පාලනීය ජලය සපයා ගැනීමේ අර්බුදයක් ඇති විය. ඒ සම්බන්ධයෙන් එවකට බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුව සහ ප්‍රදේශයේ මැති ඇමතිවරු කිසිදු අවදානයක් යොමු නොකිරීම නිසා දින කිහිපයක් පුරා සාමකාමී උද්ඝෝෂණ පවත්වා අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයක් ඇරඹීය.
එහෙත් ගෝටාබය රාජපක්ෂ විසින් ස්ව්‍යංක්‍රීය ගිණිඅවිවලින් සන්නද්ධ හමුදා කණ්ඩායමක්, බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන යටතේ එම සාමකාමී විරෝධතා භූමියට පිටත්කර යවා වෙඩි තබා පොලු මුගුරුවලින් පහර දීම දරුණු මර්ධනයක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල අතර පොලිසියට බලපෑම් කර අධිකරණ ක්‍රියාමාර්ග යට ගැසීමක්ද සිදුකරණු ලැබීය.
එහෙත් මේ වනවිට ගම්පහ මහාධිකරණය ඉදිරියේ මේ සම්බන්ද නඩු විභාගය පැවැත්වෙමින් තිබෙන අතර බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර සිටී.










