WFTU වෙනුවෙන් නිර්මාණය කළ පොස්ටරය ප්‍රථම ස්ථානයට

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ 70 වැනි වාර්ෂික සමුළුව වෙනුවෙන් පවත්වන ලද පෝස්ටර් තරඟයට ඉදිරිපත් වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරිකයකු වන රෝහණ කුමාර මහතා ආසියා පැසිෆික් කලාපයේ ප‍්‍රථම ස්ථානය දිනාගෙන ඇත. ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ජෝර්ජ් මවිකොස් මහතා මේ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට දැනුම් දී ඇත.

මෙම පෝස්ටර් ජයග‍්‍රහකයන් තේරීම සිදුකර ඇත්තේ පසුගිය ජූනි 6-7 දිනවල ස්විස්ටර්ලන්තයේ ජීනිවාහි පැවති 70 වැනි සම්මේලනයේ සභාපති මණ්ඩලය විසිනි. ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් මෙවර තේමා පාඨය වූයේ යටත් විජිතවාදයට, වර්ණ භේදවාදයට, අධිරාජ්‍යවාදයට එරෙහිව වෘත්තීය සමිති අයිතීන්, වැඩකරන ජනතා අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ අයිතීන් රැකගනිමු යන තේමාව යටතේය.

රෝහණ කුමාර මහතා නිර්මාණය කළ පොස්ටරය

Facebook
Twitter
LinkedIn