මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පැහැරගෙනගොස් අමානුෂික වද බන්ධනයට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ අධිකරණයේදී පොලිසියේ කෘෘරත්වය සහ අනීතික ක්‍රියා කලාපය යන කරුණු දෙකටම එකවර වගඋත්තරකරුවන් වී සිටී.
එම මාධ්‍යවේදියාව පැහැරගෙන ගොස් පැය 15කට පමණ පසුව නීතිමය අවශ්‍යතාවයක් මත අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර අධිකරණ වෛද්‍යරයාගේ පරීක්ෂණවලින් අනතුරුව මාධ්‍යවේදියාව අධිකරණයට ඉදිරිපත් කිරීම නොව වහාම රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට දන්වා තිබේ. ඒ අනුව ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව 29 වනදා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ අදාල මූලික පරීක්ෂණ සිදු කර තිබිණි.
එහිදී මහේස්ත්‍රාත් ඉදිරියේ පොලිසියේ අනීතික ක්‍රියාකාරිත්වය තහවුරු වී තිබේ. මාලිගාකන්ද මාහේස්ත්‍රාත් අධිකරණයෙන් විරෝධතාවක් සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර නඩුකරයට අදාළ කේන්ද්‍රීය සිදුවීම කොළඹ අධිකරණ බල සීමාවේදී සිදු වී ඇති බවත් එය වාර්තා කිරීමට ගිය තරිඳු උඩුවරගෙදර අනීතික ලෙස පැහැර ගැනීමද කොළඹ අධිකරණ බලසීමවේදී සිදුවී ඇති බවත් තහවුරු වී තිබිණ. අධිකරණය ඉදිරියේ පෙනී සිටි පොලිසියට ඒ බව පිලිගැනීමට සිදු වී ඇත.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, නීතීඥ සුනිල්වටගල, නීතීඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු 20 දෙනෙකුට අධික නීතීඥ මණ්ඩලයක් පෙනීසිට තිබේ. එහිදී අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පිරීස් නිර්ලජ්ජිත ලෙස පොලිසිය ක්‍රියා කර ඇති බවත් මාධ්‍යවේදියෙකු නොවන දරුණු අපරාධකරුවෙකු ග්‍රහණයට ගන්නා ආකාරයට තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියා පොලිස් ග්‍රහණයට ගෙන ජීප් රථය තුළදී සහ පොලිසිය තුළදී දරුණු වදබන්ධනයට ලක් කර ඇති බවත් කරුණු දැක්වීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ අතර මේ පිළිබඳ නඩු විභාගය අගෝස්තු 30 වනද දින යළි කැඳවීමට තීරණය කර ඇත.










