ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස් වික්රමසිංහ වහාම ක්රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ පර්යේෂණ සංවර්ධන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය පිහිටුවා ඇත්තේ පොලිස් නිලධාරින්ට එල්ල වෙන චෝදනා සහ විෂමාචාර ක්රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාය.
තන්තිරිමලේ පොලිසියේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකු වන ජේ.ඩී සඳුන් (83840) කංසා ළඟ තබා ගත් බවට ඔහුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් බොරු චෝදනා යටතේ නඩු පවරා ඇති බවට තොරතුරු තහවුරු කරගෙන එම කොස්තාපල්වරයාට සාධාරණය ඉටු කර දීම සිදු කරනු ලැබුවේද ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස් වික්රමසිංහ යටතේය.
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස් වික්රමසිංහ පොලිස්පතිවරයා වෙනුවෙන් මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයේදී ඉකුත් 24 වැනිදා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයද සිටි ඇත.
මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇත්තේ, රාජ්ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි රීති අනුව බව මේ සම්බන්ධව පසුගිය 26 වනදා නිකුත් කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයිද වාර්තාවේ. ඔහුට මෙම ස්ථාන මාරුවීම දෙනු ලැබ ඇත්තේ පොලිස්පතිවරයා විසිනි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ නව අධ්යක්ෂකවරයා ලෙස සංවර්ධන හා පර්යේෂණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාව සිටි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ.එම්.ජී.ජේ සේරම් පත්කර ඇත. මීට අමතරව තවත් ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දස දෙනකුටද ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
රාජ්ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස්පතිවරයා නිකුත් කර ඇති එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.








