මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කල් තැබීමේ විවාදයක් අවශ්‍ය නොමැති බවත් එය ආරම්භ නොකරන්නැයි විපක්ෂනායකවරයා කළ ඉල්ලීම කථානායකවරයා ප්‍රතික්ෂේප කරමින් කල් තැබීමේ විවාදය සඳහා අවසරය ලබා දී තිබේ. ඒ අනුව අද (23) දිනයේ හා හෙට දිනයේ කල් තැබීමේ විවාදය පැවැත්වේ.
නිමල් සිරිපාල විපක්ෂනායකවරයාගේ උත්සහාය පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලනිපයේ රාජපක්ෂ පිල හා මෛත්‍රී පිල අතර ඇති වී තිබෙන බල අරගලය යටපත් කර ගැනීමට 20 වන සංශෝධනය භාවිත කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් දැනට ගැසට් කර ඇති මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳ බොහෝ කරුණු කැබිනට් මණ්ඩලය හො පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් නොදන්නා බැවින් මේ පිළිබඳ සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය බවය.
Views: 0









