ජාතික මට්ටමේ ප්රතිපත්තිමය තිරණ ගැනීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සිටිය යුතු බවත් ආසනයකට මන්ත්රීවරයෙක් අතීත අදහසක් බවත් ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියි. නව මැතිවරණ ක්රමය ඇතුළත් ගැසට් පත්රයට අනුව එහි සැබෑ අරමුණ පවතින මැතිවරණ ක්රමයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම නොව ප්රජාතන්ත්රවාදය හකුළුවන එකක් බවත් එම නිසා එයට එකග විය නොහැකි බවත් පවසා සිිටියේ ය.
”පවතින සමානුපාතික ඡුන්ද ක්රමය තුළ නියෝජනය සාධාරණයි.මනාප ක්රමයේ යම් අඩුපාඩු තිබෙනවා. එහෙත් මෙම ගැසට් පත්රයට අනුව යෝජනා මගින්බරපතල ගැටලූ පෙනෙන්නට තිබෙනවා. බහුපක්ෂ ක්රමය වෙනුවට ද්වි පක්ෂ ඇති වෙනවා, දේශපාලනය පක්ෂ දෙකකට, පවුල් දෙකකට සීමා වෙනවා. ”ලෙස ඒ මහතා 20 වැනි සංශෝධනයේ අඩුපාඩු පිළිබ`දව අදහස් දැක්වී ය.
Views: 0









