සහෝදරත්වයේ පාගමණට ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක්

සහෝදරත්වයේ පාගමණට ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක්

කළු ජූලිය නමින් හඳුන්වන මීට වසර 40කට ඉහත 1983 ජූලි මාසයේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ජාතිවාදී ගැටුම පාදක කරගෙන සෑම වසරකරම ජූලි 23 වනදාට සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වනු ලබන සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් අද හිඩ් පිටියේ සිට “බෙදෙන්නෙට ඉඩ නොදෙමු! එක්ව අපි පියාඹමමු!! යනුවෙන් විහාරමහාදේවී එළිමහන් රංඟපීඨය දක්වා ඇරඹි පාගමනට කැරලි මර්ධන පොලිසිට යොදවා ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ප්‍රවීන රංගශිල්පී, ජාත්‍යන්තර සම්මානලාභී, සිනමා අධ්‍යක්ෂ සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ, ප්‍රවීන රංගණ ශිල්පිනී දීපානි සිල්වා, සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ මහාචාර්ය හිනිදුම සුලින් සෙනෙවි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ජාත්‍යන්තර සම්මානලාභී, සිනමා අධ්‍යක්ෂ විශාකේෂ චන්ද්‍රසේගරම්, ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය සහ ජන උදානය සංවිධානයේ සාමාජික විජිත රෝහණ, ප්‍රවීන ලේඛක කීර්ති වැලිසරගේ, ප්‍රවීන ලේඛක කමල් පෙරේරා, ප්‍රවීන රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ, වෛද්‍ය නජිත් ඉන්දික, මාධ්‍යවේදී සහ දේශපාලන ක්‍රියාකාරී විමල් කැටිපේආරච්චි, සමාජ සාධාරණත්වය පක්ෂයේ ජාතික සංවිධායක නීතිවේදී අර්කම් මුනීර්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික, තරුණ ලේඛක සදීෂ් සෙල්වරාජ්, සමාජ ක්‍රියාකාරිනී ශානු නිමේෂා, රම්‍ය ලංකා සංවිධානය නියෝජනය කරමින් ආර්.එම්.යූ රහීම් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්