අද (23) දහවල් දුම්රිය රියදුරන් අසනීප නිවාඩු වාර්ථා කරමින් සේවයෙන් බැහැර වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ.
මේ හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර හෙට (24) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මෙසේ දුම්රිය රියදුරන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භය කර ඇත්තේ දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමිනි.
6









