තවත් පෙළපාලියකට සූදානම් වෙන්න – 325කගේ නම් ලැයිස්තුවක්

තවත් පෙළපාලියකට සූදානම් වෙන්න – 325කගේ නම් ලැයිස්තුවක්

මත්ද්‍රව්‍ය ඇතුළු පාතාලය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට එරෙහිව විවිධ අන්තවාදී සංවිධාන කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලට සැලසුම් කරන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 325කගේ ලැයිස්තුවක් පිළිබඳව වාර්තා වේ.

මේ වනවිට ද මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවලින් උත්පාදනය කර ගත් දේපළ 70ක් තහනම් කර ඇත. විදේශ රටවල්වලට පළා ගොස් සිටින සහ මෙරට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටින එම ජාවාරම්කරුවන් 325 දෙනෙකු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් පොලිසිය විසින් සකසා ඇති බව හෙළි වී තිබේ.

මෙවැනි පසුබිමක විපක්ෂයේ සියළු කණ්ඩායම් විවිධ අභූත චෝදනා එල්ල කරමින් ආණ්ඩුව අස්ථාවර කිරීමට උත්සාහ දරමින් සිටී. ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල එදා දැරූ ස්ථාවරය සහ අද එයට සපුරා පටහැනි ප්‍රකාශ සිදු කරන්නේ එවැනි අස්ථාවර කිරීමේ සැලැස්මක යටි අරමුණු සහිතව දැයි දැඩි ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්