නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ ප්‍රචාරක කටයුතු සඳහා පවත්වා ගෙන යන “බයි තක්සලාව” සහ “ඉරාජ් ෂෝ” යන සමාජ මාධ්‍ය අඩවි වලින් ද ශිරන්ති රාජපක්ෂව අත්හැර දමා තිබේ.
අද (10) උදෑසන වනතුරු එම යූටියුබ් අවකාශ තුළ ශිරන්ති රාජපක්ෂ පිළිබඳව කිසිදු සටහනක් තබා නොතිබිණි. පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ජනමාධ්‍ය කැඳවා ප්‍රකාශ කර තිබුණේ ශිරන්ති රාජපක්ෂ තම පක්ෂයේ සාමාජිකාවක නොවන බවයි. නාමල් රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ප්‍රචාරකයන් ද ඒ බව තහවුරු කරමින් කිසිදු සටහනක් පළ කර නැත.
1,959










