ගොවීන්ට ගෙනා උපකරණ අවුරුදු ගානක් එප්පාවල සමූපකාරයේ ගබඩාවල – මාලිමාවේ පාලනයෙන් අනාවරණය කරගනියි

ගොවීන්ට ගෙනා උපකරණ අවුරුදු ගානක් එප්පාවල සමූපකාරයේ ගබඩාවල – මාලිමාවේ පාලනයෙන් අනාවරණය කරගනියි

එප්පාවල සමුපකාරයේ බලය ජාතික ජන බලවේගයෙ කණ්ඩායම විසින් දිනාගැනිමෙන් පසු පළමු රාජකාරිය ලෙස අද (23) දින එහි සිදු කළ ශ්‍රමදානමය කටයුත්තකදී එහ ගබඩා තුළ දිරාපත්වීමට දමා තිබූ, නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයක්, බිත්තර වී බුසල් 560ක්, වානේ ලිපි ගොනු අල්මාරී 10කට වැඩි ප්‍රමාණයක් සහ මහණ මැෂින් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් හමු වී තිබේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය, මහ සභා නියෝජිතයින්, සාමාජිකයන්, සේවකයින් සහ නව සභාපති ඇතුළු පිරිසක් ඊට එක් වී සිට ඇති අතර සභාපති එස්.එම් දිල්ෂාන් ප්‍රසන්න කුමාර පවස්නනේ, කාර්යාල‌ භූමිය ශුද්ධ පවිත්‍ර කර ගොඩනැගිලි තීන්ත ආලේප කර එප්පාවල විවිධ සේවා සමූපකාරය නවීකරණය කිරීමේ ශ්‍රමදානයක් අද පැවැත්වූ බවය.

එහිදී ඉබි යතුරු දමා වසා තිබූ කාමර දෙකක් විවෘත කර බැලීමේදී, වටිනා වානේ ලිපි ගොනු අල්මාරී 10 කට වැඩි සංඛ්‍යාවක්, මහණ මැෂින් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩ තබා ඇති අයුරු දැක ගත හැකි වූ බවත් පසුගිය කන්නයේ නිෂ්පාදනය කළ බිත්තර වී බුසල් 560ක්, රජයේ ආධාර ලෙස ලැබී භාවිතයට නොගෙන පැත්තකට දමා තිබූ නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයකුත් දැක ගත හැකි වූ බවත් ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn