පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරය කරගෙන යමින් සිටි ජා-ඇල පොලිසියේ සැරයන් ධුරයේ සිටි නිලධාරියෙකු තම ගනුදෙනු කාර කාන්තාවකට ප්‍රසිද්ධියේ කෘර ලෙස පහරදී මාංචු දමා රැගෙනයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාල පොලිස් පොලී මුදලාලිගෙන් රුපියල් ලක්ෂ 04ක ණය ලබාගෙන ඇති 40 හැවිරිදි එම කාන්තාව ණය ගෙවාගත නොහැකිව ඊයේ (16) විදේශගතවී අදාල මුදල් ගෙවීමට කටයුතු සැලසුම් කරමින් සිට ඇත. ඒ අතරතුර අදාල පොලිස් පොලී මුදලාලි මෙම කාන්තාව සොයාගෙන පැමිණ පහරදී අදාල මුදල එදිනම ලබා දෙන ලෙස තර්ජනය කර තිබේ. ඔහු මේ සඳහා සැලසුම්සහගතව පැමිණ තිබුණේ මාංචු කූට්ටමක්ද රැගෙනය. කූර පහරදීමට ලක් කළ අදාල වින්දිත කාන්තාව වත්තල පොලීසියට ඇදගෙන ගොස් ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් චූදිත පොලිස් පොලී මුදලාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. සිද්ධිය ඇසින් දුටු බොහෝ දෙනෙකු අදාල පහරදීම සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.










