තවත් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ 03ක් භාවිතයෙන් ඉවතට

තවත් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ 03ක් භාවිතයෙන් ඉවතට

තවත් ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙලෙස ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ කිහිපයක් භාවිතයෙන් ඉවත් කරනු ලැබීය.

මෙලෙස ඉවත් කර ඇති නවතම ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ 03 අතරට පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය සහ මහනුවර ජාතික රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇතිවූ එන්නත් කාණ්ඩයද අයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මහනුවර, ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධය ලබා ගැනීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ රෝගීන්ගේ තත්වය බරපතල නොවන බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්