සරණාගතයන් ලෙස ලංකාවෙන් පලා ගිය 08ක් ඉන්දියාවේ පොලිස් අත්අඩංගුවේ

සරණාගතයන් ලෙස ලංකාවෙන් පලා ගිය 08ක් ඉන්දියාවේ පොලිස් අත්අඩංගුවේ

යාපනේ සිටි සරණාගතයින් ලෙස ඉන්දියාව බලා යමින් සිටි ලාංකිකයින් 08 දෙනෙකු තමිල්නාඩුවේ ධනුෂ්කොඩිහි වෙරළ තීරයේදී ඉන්දීය වෙරළාක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ළමුන් 05 දෙනෙකුද වන බව පැවසේ.

මේ වනවිට ඔවුන් සරණාගතයින් සඳහා වූ පුනරුත්ථාපන කඳවුර වෙත යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඉන්දීය වෙරළට පැමිණි ලාංකික සරණාගතයින් සංඛ්‍යාව 265 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එරට සාමාන්‍ය නීතීය අනුව නීතිවිරෝධී ලෙස ඉන්දීය වෙරළට පැමිණෙන සරණාගතයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නමුත් ශ්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඔවුන්ට එරෙහිව කිසිදු අපරාධ නඩු ගොනු කිරීමට කටයුතු කර නැති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්