මහේන්ද්‍රන්ව අද කෝප් කමිටුවට කැඳවයි

මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව අද (18) දින පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව (COPA)හමුවට කැඳවා ඇති අතර ඒ මහ බැංකුවේ විසින් නිකුත් කරනු ලැබු භාණ්ඩගාර බැඳුම්කර සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බවට එල්ලවූ චෝදනා විමර්ශනය සඳහාපිළිතුරු බැඳිම සඳහාය.

අර්ජුන් මහෙන්ද්‍රන්මහතා සහ මහ බෑංකුවේ හා ලංකා බැංකුවේ තවත් නිළධාරීන් කිහිප දෙනෙකුට අද පෙරවරු 10.00ට එම කමි‍ටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තාවේ.

මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරු පුරවැසියෙකු බවත් ඔහු මෙරට පුරවැසිභාවය ලබාගෙන නොමැති බවත් විදේශීය පුරවැසියෙකුට මෙරට මහ බැංකු අධිපති තනතුර වැනි ඉතා වැදගත් තනතුරක් ලබා දීම සම්බන්ධයෙනුත් වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.

ආශ්‍රිත පුවත්

මූල්‍ය ජාවාරමක් ගැන දැඩි ආන්දෝලනයක්

මහ බැංකු අධිපති නිවාඩු යයි – අනුර රනිල්ගෙන් ප්‍රශ්නකරයි

මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි – සුනිල් හඳුන්නෙත්ති

video: අර්ජුන් ගැන මුදල් ඇමති දන්නෙත් නැහැ…

Facebook
Twitter
LinkedIn