හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජිනිවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතරතුර සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන සියළු චෝදනාවලින් ඇය නිදහස් කළ යුතු බවට එම අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ඒකපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.
එම ඒක පුදග්ල කමිටුව විශ්‍රාමික ගණකාධිකාර කොමසාරිස් ඩී.එච්.ඩී. එදිරිසිංහ මහතා ගෙන් සැදුම් ලත් වූ අතර එම නිර්දේශ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂනි කොළොන්න මහත්මිය ඊයේ (17) මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
අදාළ විමර්ශන වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරින් පත්කිරිම සම්බන්ධයෙන් වන කමිටුවට යොමුකර ඇති බවත් ඒ අනුව ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය තායිලන්තයේ තානාපති තනතුර සඳහා සුදුසු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරින් පත්කිරිම සම්බන්ධයෙන් වන කමිටුව නිර්දේශ කර ඇති බවත් මහේෂනි කොළොන්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ නමුත් ක්ෂෙනුකා සෙනෙවිරත්නට එල්ටීටීඊ සම්බන්දතා පැවති බවට 2012.04.25වනදා නිකුත කළ විගණන වාර්තාවෙන් මනාව තහවුරු වී තිබියදීත් මෙම ඒකපුද්ගල විමර්ශනය වාර්තාව මගින් එම චෝදනාවලින් ඇය නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වනිවට දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක් වෙමින් ඇත.
ක්ෂෙනුකා සම්බන්ධයෙන් 2012.04.25 නිකුත් කළ වාර්තාව පහතින් පළ වේ.



















