මේ වනවිට දින 14ක් පුරා හිස්ව පැවති පොලිස්පතිධුරය සඳහා හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න යළි මාස තුනක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර තිබේ.
ආණ්ඩුක්රම ව්යවස්ථවේ ප්රතිපාදන අනුව හා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්වන ජුලි මස 09දා සිට ක්රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙසේ ඔහුව පත්කර ඇත.
හිටපු පොලිස්පති සී.ඩී වික්රමරත්න මීට පෙරද මාස තුනක සේවා දිගුවක් යටතේ කටයුතු කළ අතර එම කාලය පසුගිය 25දා අවසන් වීමෙන් ඔහු සිය බඩු බාහිරාධියද රැගෙන ඉන් ඉවත් විය. එතැන් පටන් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ කාර්යය ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ පොහොට්ටු ආණ්ඩුවට මෙතෙක් හැකි වී නැත.
Views: 0










