පොළොන්නරුව සිට කාත්තන්කුඩි බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමින් පෙරළීම නිසා 10 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරට ලක් වූ පිරිස මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්රියාත්මක බවත් දැඩි අඳුරක් පැවැතීම නිසා තුවාලකරුවන් මුදාගැනීමේ කටවුතුවලට බාධා පැමිණ ඇති බවත් වාර්තා වේ.
තුවාල කරුවන් රෝහලට රැගෙන යන බවත් පවසන අතර අවට පිරිස් බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු සහාය දක්වන බවත් පොලිසිය පවසයි.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කරණ පරිදි තුවාලකරුවන් 35ක පමණ පිරිසක් මේ වනවිට රෝහල් ගත කර ඇත.
මෙම පාලම අනාරක්ෂිත පාලමකි.
Views: 0










