ජනාධිපති රනිල් වික්රමසිංහ යටතේ ඔහුගේ පෞද්ගලික සම්බන්ධකම් අනුව විදේශ ණය විශාල වශයෙන් ලබාගත හැකි බව වජිර අබේවර්ධන ඇතුළු පිරිස ප්රකාශ කළද එලෙස විදේශ ණය ලබා දී නැති බව මුදල් අමාත්යාංශයේ මධ්ය වාර්ශික වාර්තාවෙන් හෙළි කර තිබේ.
මෙම වසරේ ජනවාරි සිට අප්රේල් 31 දක්වා, එනම් ජාත්යන්තර මූල්ය අරමුදල ලංකාවට ණය ලබාදෙන බව පසුගිය මාර්තු මාසයේ ප්රකාශයට පත් කිරීමෙන් පසුවද විදේශ ණය ලැබී නැති බව එම වාර්තාවෙන් අනාවරණය වේ. ලැබී ඇත්තේ මූල්ය අරමුදලෙන් ඩොලර් මිලියන 33ක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 142.5ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 114.2ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 58ක් පමණි.
මෙහිදී රාජ්යයක් විසින් ලංකාවට ඉන්දියාව හැර නෙදර්ලන්තය ඩොලර් මිලියන 3.9ක ණය ලබා දී ඇති අතර ජර්මනිය විසින් ඩොලර් 1.3ක ප්රදානයක් ලබා දී ඇත. ඉන්දියාව ශ්රී ලංකාවට ණය ලබාදෙන්නේ වර්තමානයේ පවතින භූ දේශපාලනික අවශ්යතාවය මතය. ඒ හැර ජාත්යන්තර මූල්ය අරමදලද ඔවුන්ගේ දිගුකාලීන ආර්ථික සහ දේශපාලන වුවමනාවන් අනුව ලෝකයේ රටවල්වලට මැදිහත්වන ආකාරයෙන් දරුණු කොන්දේසි සහිතව මැදිහත්වීම සිදු කර තිබේ.
සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්රාම වැටුප් අරමුදල්වලින් ලබාදී තිබෙන ණය ප්රතිව්යූහගතකරණය, රටේ සම්පත් විකිණීම, ඛනිජතෙල් විදුලිය ඇතුළු බපශක්ති මිල ඉහළ දැමීම සහ සමාජ සුභ සාදනය විශාල වශයෙන් කපා හැරීම් සිදුකරන්නේ එම කොන්දේසි අනුවය. ඒ සියල්ල ඉටු කිරීමෙන් පසුව මේ වනවිට මූල්ය අරමුදල විසින් ඩොලර් මිලියන 333ක් පමණක් ලබා දී ඇති අතර ගෙවුන් මාස 04 තුළ ශ්රී ලංකාවට විවිධ පාර්ශව විසින් ලබා දී ඇති මුළු විදේශ ණය ප්රමාණය ඩොලර් මිලියන 660ක් සහ විදේශ ප්රධානයන් ඩොලර් මිලියන 4.3ක් පමණකි.
ජාත්යන්තර මූල්ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව ශ්රී ලංකාවට විදේශ ණය සහ ආධාර විශාල ප්රමාණයක් ගලාගෙන එන බව ආණ්ඩුව ප්රචාරය කළද විදේශ රටවල ජනතාවගේ මුදල් සහ ජාත්යන්තර සංවිධානවල මුදල් වගකීමකින් තොරව ලංකාවට ලබා නොදෙන බව දේශපාලන පක්ෂ සහ විද්වතුන් විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබිණි.










