ආර්ථිකය ගොඩ එනවා – ආණ්ඩුව;කඩා වැටීම පසුගිය වසරට වඩා දරුණුයි – දත්ත

පසුගිය වසර මුල් බාගයේ පැවති ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝළිම් සහ විදුලිය කප්පාදුව වැනි බරපතළ තත්වයන්ගෙන් ආර්ථිකය මුදවා ගෙන රට ගොඩ ගනිමින් සිටින බව රනිල් පොහොට්ටු හවුල ප්‍රකාශ කළ ද, මේ වනවිට දරුණු අගාදයකට වැටෙමින් තිබෙන බව නිල සංඛ්‍යා දත්තවලින් තහවුරු වී තිබේ.

පසුගිය වසරේ මුල් කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ හැකිළීම ඍණ 1.6%ක් සහ දෙවන කාර්තුවේදී ඍණ 8.4%ක් වී තිබිණි. මේ අනුව එම වසරේ මුල් කාර්තු දෙකේම ආර්ථිකයේ කඩා වැටීම ඍණ 10%කි.

නමුත් මෙම වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා මුල් කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයේ කඩා වැටීම ඍණ 11.5%ක් වී ඇති බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛණවලින් හෙළිවේ. මෙසේ ආර්ථිකය කඩා වැටීමේ බරපතළම තත්වය වාර්තා වී තිබෙන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ය. පසුගිය වසරේ මුල් කාර්තුවේ එය ඍණ 4.7%ක් සහ දෙවන කාර්තුවේදී ඍ10.0%ක් වී තිබිණි. මෙම වර්ෂයේ මුල් කාර්තුව තුළ පමණක් කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීම ඍණ 24.6%ක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්