දුගී පවුල් ලක්ෂ 17කගේ ආධාර කපලා

දුගී පවුල් ලක්ෂ 17කගේ ආධාර කපලා

රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු ආණ්ඩුව විසින් ජූලි පළවෙනි දින සිට ක්‍රියාත්මක කරනු ලබන “අස්වැසුම“ සහනාධාර ක්‍රමය යටතේ අවම වශයෙන් එම ආධාර ලැබිය යුතු පවුල් ලක්ෂ 17ක් කපා හැර ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ ලබමින් සිටි පවුල් ලක්ෂ 15ක් පමණ වන අතර එයින් පවුල් ලක්ෂ 10කට පමණ කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන ලෙස කපා හැර ඇති බව විවිධ වාර්තා අනුව හෙළිවෙමින් පවතී.

මේ ආකාරයට දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට මේ දක්වා ලැබුණු සහනාධාර පවා කපා හරිමින් සිටින්නේ පවුලක සාමාන්‍ය වියදම රුපියල් 76,600/- ඉක්මවා ඇති පසුබිමක ය.
“අස්වැසුම“ නමින් ක්‍රියාත්මක කරන දුප්පතුන්ට ජීවන ආධාර ලබා දෙන ව්‍යාපෘතිය සඳහා වසරකට වැය වෙන මුදල රුපියල් කෝටි 20,800ක් බව (රුපියල් බිලියන 208) ආණ්ඩුව නිවේදනය කර තිබෙන අතර පසුගිය වසරේ පමණක් දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුවට පොලු තබා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් කෝටි 90,400 (බිලියන් 904) බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් හෙළි කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්