අනුරගේ මෙල්බර්න් හමුවට ජන ගඟක් – හතරේ පංතියේ ගුරුතුමියත් ඒ අතර

අනුරගේ මෙල්බර්න් හමුවට ජන ගඟක් – හතරේ පංතියේ ගුරුතුමියත් ඒ අතර

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ ජන හමුවට අති විශාල පිරිසක් සහභාගී වූ අතර 4 වෙනි ශ්‍රේණියේදී තමන්ට ඉගැන්වූ ගුරු මාතාවත් එහිදී හමුවූ බව හෙළිකරනු ලැබීය.

එම ගුරු මාතාවගේ විශ්‍රාම වැටුප ලංකාවේදී රුපියල් හය දහස් ගණනක් වූ බව ද, වසර 5ක් මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම අහෝසි කර වාහන බලපත්‍රය ඇතුළු අයුතු වරප්‍රසාද තම පාලනයක් යටතේ කපා දමන බව අවධාරණය කරනු ලැබීය.

මෙම ජන හමුවට ශාලා දෙකක් පිරී යන ජන ගඟක් පැමිණ තුන් වෙනි ශාලාවක් ද වෙන් කිරීමට සිදුවී ඇති බව ජනතාව අමතන අතරතුර සංවිධායකයන් විසින් දන්වා තිබිණි.



Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්