පොහොට්ටු මැරයෙක් හිමිනමකට පහර දෙයි

පොහොට්ටු මැරයෙක් හිමිනමකට පහර දෙයි

දකුණු පළාත් සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රී කපිල දිසානායකගේ සමීපතමයෙකු වන වී. ආර්. ක්‍රිෂාන්ත හෙවත් සෙබෙලා නැමැත්තා අද (24) දහවල් වීරකැටියේ හිමිනමකට පහර දී ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.

එම ප්‍රහාරයට ලක්වී ඇත්තේ වීරකැටිය වෑකඳවල ශ්‍රී පුණ්‍යරතන පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති හල්විටිගල කුසලධම්ම හිමියන් ය. උන් වහන්සේ මේ වනවිට ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම දේශපාලන මැරයා මෙයට පෙර අවස්ථාවකදී එම විහාරස්ථානයේ දහම් පාසලේ ආචාර්යවරයෙකුට පහර දී ඇති අතර ඉන් පසුව පින්කමක් කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇත. මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් අවවාද කිරීම නිසා විහාරාධිපති හිමියක් සමඟ අමනාපයෙන් සිට මෙම පහරදීම කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්