එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාවට අනුව ලොව ජනගහනය 2011 ඔක්තෝම්බර් මස 31 දින පළමුව උපදින දරුවා ඉපදීමත් සමග බිලියන 7ක් වන බව එම වාර්තාවෙන් අවධාරණයක කලේය.
ඒ අනුව පිලිපීනයේ මැනිලා අගනුවර ජොසේ ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේදී ඉපදුනු ඩැනිකා මේ කමාචෝ නම් සිගිත්තිය මිලියන 7 දරුවා ලෙස ඉපදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇය බිලියන 7 දරුවාලෙස නම් කරන ලදී, ඇගේ උපත් බර කිලෝ ග්රෑම් 2.5 ක් වන අතර මේ වන විට ඇය නිරෝගී තත්වයෙන් සිටිනබව පිලිපීනයේ වෛද්‍ය වාර්තා සදහන් කරයි.
මීට පෙර 1999 වසරේ ඔක්තෝබර් 12 වැනිදා ලෝක ජනගහණය කෝටි 600 ක් වූ අතර එම දරුවා බොස්නියාවේසරයේවෝ නුවර දුප්පත් පවුලක උපන් දරුවෙකි. එම දරුවා පිලිගනු ලැබුවේ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆී අනන් මහතා විසිනි.
කෙසේ වෙතත් වර්තමාන ලෝක ජනගහන වර්ධන වේගයට අනුව වසර 2100 දී ලෝක ජනගහණය බිලියන 10ක් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇත.









