ආයුධ සොයන බව කියමින් කිලිනොච්චියේ මංකොල්ලකෑම්

”කොටින්ගෙ ආයුධ ඔයාලගෙ ගෙදර තියෙනව කියල ආරංචියක් තියෙනව අපි ආවෙ ගේ පරීක්ෂා කරන්න” යැයි පවසමින් නිවසට ඇතුළු වූ කිසියම් සංවිධානාත්මක කල්ලියක් නිවසේ ආයුධ සොයන මුවාවෙන් නිවසේ තිබූ රත්‍රං හා මුදල් රැගෙනගොස් ඇතැයි කිලිනොච්චි කලාප ගුරු උපදේශක කේ. ගනේෂන් මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

යතුරුපැදි 3 කින් පුද්ගලයන් 5 දෙනෙකු තම නිවසට පැමිණ තමාලේ බෙල්ලට පිහියක් තබා අනෙක් අයද බිය ගන්වා මෙම මංකොල්ලකෑම සිදුකළ බවත් පොලීසියට හෝ ආරක්ෂක අංශවලට පැවසුවහොත් තමා ඇතුළු පවුලේ අනෙක් අය මරාදමන බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් ඔහු සදහන්කර ඇත.

තිස් වසරක යුද්ධය නිසා සියළු සේසත අහිමි වූ තමන්ට මෙවැනි සංවිධානාත්මක පිරිස් විසින් දිගින් දිගට සිදු කරන මංකොල්ලකෑම් යුද්ධය නිමා වූ පසුත් අත්විදීමට සිදුව ඇතැයි උතුරේ ජනතාව චෝදනා කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්