විවෘත ආර්ථීකය හඳුන්වාදීමත් සමග ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිට මේ දක්වා බලයට පැමිණි විවිධ ආණ්ඩු විසින් 08 වරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කර ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නව ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා අද 31 උදේ මේ බව පැවසීය. මේ වනවිට පාසල් අධ්‍යාපනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතල ගැටලූ ගණනාවක් පැනනැගී පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ වනවිට අධ්‍යාපනය, සුබසාධන, ආරකෂක සහ වෙනත් විවිධ ගැටලූ ගණනාවකට මුහුණ පෑමට සිදුව තිඛෙනවා. මේ අතරින් අලූත්ම ප්‍රශ්නය ආරකෂාව පිළිබඳවයි. විශ්වවිද්‍යාල තුළට හමුදාව විවිධ කටයුතුවලට එක පැත්තකින් යොදවා තවත් පැත්තකින් එම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පෙර හමුදා කඳවුරු තුළ පුහුණුවීමට සලස්වනවා. ඔවුන් මිය යෑම දක්වා ඛේදනීය තත්වයකට පත්වෙල.
ජනතා විමුක්ති පෙරමුණේ “කණිෂ්ඨ සංවිධානයක් වන සමාජවාදී ශිෂ්‍ය සංගමය දශක 04 ක් පුරා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය සුරැකීමට කැපවී සිටිනවා. මේ අවස්ථාවේදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ ආණ්ඩුවෙන් පිහිටුවා මේ රටේ වැඩකරන අම්මා තාත්තාගේ දරුවන්ට ඉතිරිවී තිඛෙන නිදහස් අධ්‍යාපන අයිතියත් කොල්ලකෑමට සූදානම්. නමුත් 1981 දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට මුල් පියවර තැබූ අවස්ථාවේ වෙනුර එදිරිසංහ, රංජිතම් ගුණරත්නම්, එම්. එස්. නිශ්මි, නිමල් බාලසූරිය වැනි ශිෂ්‍ය නායකයින් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් අධ්‍යාපන රැකගැනීමට ක්‍රියාකළා සේ අපිත් ධෛර්යයෙන් යුතුව කටයුතු කරනවා” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තනිකරම මුදල් ගරන ජාවාරමක් බවද මේ රටේ ජනතාවගෙන් 42%ක් අන්ත දුගී භාවයේ සිටියදී ජනාධිපති ලේකම්වරයාට හෝ රුපියල් ලකෂ 85 ක මුදලක් ගෙවා තම දරුවන්ට අධ්‍යාපනය ලබාදිය නොහැකි බවද ස්වල්ප දෙනෙකුට හැර එසේ කළ හැක්කේ අයථා ලෙස මුදල් සොයන්නන්ට මිස වෙනත් අයට නොවන බව ද ඔහු කීය.
“මේ රටේ ආචාර්යවරුන්ටත් දැන් බරපතළ ආර්ථීක ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවී තිඛෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය නොදුන් වෛද්‍ය සභාව විසුරුවා හරින බවට එස්. බී. දිසානායක ඇමතිවරයා තර්ජනය කර දින කීපයකින් වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය නෝනිස් මහතාට තර්ජනය කිරීම දක්වා තත්වයක් රට තුළ ඇතිකර තිබීම සුළුවෙන් තැකිය නොහැකියි.” ඔහු අවධාරණය කළේය.
ලබන අයවැයෙන් ආරකෂක විදයම් වෙනුවෙන් රුපියල් කෝටි 22000ක් වෙන්කර අධ්‍යාපනයට එයින් 10%ක තරම් සොච්චමක් වියදම් කිරීම ගැන සියළු දෙනා දැඩි අවධානය යොමු කළ යුතු බව ද හෙළිකළේය.
ආණ්ඩුවේ මර්ධනය ඇතුළු කුමන බාධා පැමිණිය ද නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවනේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය වැඩකරන ජනතාව සමග එක්වී කටයුතු කිරීමට සුදානම් බවද ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාවට ලූණුගම්වෙහෙර කල්‍යාණරංසි ස්වාමින්වහන්සේ, රංගන ලක්මාල් දේවප්‍රිය මහතා, තුෂාරි උදයංගි කුරුප්පු මෙනවිය ද සහභාගී විය.










