තේරීම් කාරක සභා යෝජනාව අධිකරණයට දේශපාලන අතපෙවීමක් – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

 

අධිකරණ සේවයේ යෙදීසිට විශ්‍රාමගොස් සිටින විනිශ්චකාරවරුන් පිළිබද පසුකාලවලදී විවිධ දේශපාලන අරමුණු මත පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පෙන්වා දෙයි. ඒ මහතා මේබව සදහන් කළේ, ඊයේ (30) කෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

මෙයට වසර 3 1/2 කට පමණ පෙර සේවයෙන් විශ්‍රාම යන විට ජනාධිපතිවරයා විසින් තම සේවය විශිෂ්ට බව ලිඛිතව අගයකර තිබෙනවා. ඉන්පසු පත්වූ අග්‍ර විනිශ්චකාරතුමාත් විශ්‍රාමගිය පසුව දැන් මට විරුද්ධව සේවය කළ කාලයේ විනය විරෝධී, විෂමාචාර ක්‍රියා කළ බව පවසමින් ඒ පිළිබදව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන්න සූදානම් වීම බරපතළ තත්වයක් බව පෙන්වා දුන්නේය.

අධිකරණය පිළිබද විනය බලධාරියා වශයෙන් ජනාධිපතිවරයා තමන්වෙත ලබාදුන් විශිෂ්ට සේවා සහතිකය මෙහිදී කියවීය. ”මට ඔබගේ විශ්‍රාම යාමේ දැන්වීම ලැබුණා. එය මා භාරගත්තා. ඔබතුමා 1968 ඔක්තෝම්බර් මස සිට නීතිපති දෙපාර්තමේන්තුවට බැදුණුදා සිට නීතිඥවරයෙක්, විනිශ්චයකාරවරයෙක් වශයෙන් විශිෂ්ට සේවයක් කර තිබෙනවා. එම විශිෂ්ට සේවයේ උච්ඡතම අවස්ථාව 1999 සැප්තැම්බර් මස සිට අගවිනිසුරු ලෙස සේවය කළ කාලයයි.” යනුවෙන් එහි සදහන් වේ.

2005 ජනාධිපතිවරණය සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව එවක එක්සත් ජාතික පක්ෂයේ සිටි රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ”හෙල්පින් හම්බන්තොට” නම් සුනාමි සහනාධාර ව්‍යාපෘතියේ මහා පරිමාණ වංචාදූෂණ පිළිබදව නඩු පවරා තිබූ අතර ඒ පිළිබදව ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා තිබුණේ,ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සරත් එන්.  සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, තමාට විරුද්ධව මෙසේ තේරීම් කාරක සභාවක් යෝජනා කරන්නේ ආණ්ඩුවට එක්වන ලෙසට ලැබුණු ආරාධනය ඉවත ලා පසුගිය ජනාධිපතිවරණ සමයේදී සරත් ෆොන්සේකා මහතාට සහයෝගය පළකිරීම සහ ඉන්පසුව කරගෙන යන සමාජීය කටයුතු නිසා බවය.

එමෙන්ම විශ්‍රාමගොස් සිටින විනිශ්චයකාර වරුන් පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ නොහැකිබවද හෙළි කලේය’

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්