තවත් නිර්වින්දනය ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරයි

තවත් නිර්වින්දනය ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරයි

ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කළ මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තාවීමෙන් පසුව මෙම පියවර ගත් බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

මෙම ඖෂධය දීමෙන් පසුව එලෙස මියගොස් තිබුණේ කාන්තාවන් දෙදෙනකි.

එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙනවා බෙදා හරිනලද නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ගැබිණි කාන්තාවක් පසුගියදා කාසල් රෝහලේදීද ජීවිතක්ෂයට පත් වූ අතර එම ඖෂධයේ ඛාණ්ඩ 03ක් තහනම් කළ බව එවකට වාර්තා විණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්