අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිටත් වෙඩි ප්‍රහාරයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිටත් වෙඩි ප්‍රහාරයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකුට එල්ල වූ තැබීමකින් ඔහු තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (26) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදී තුාවල ලබා ඇති නියෝජ්‍ය විදුහල්පතිවරයා බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු යැයිද ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.

නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්