අම්බලන්ගොඩ දී වෙඩිතැබීමක් – ඉලක්කය වරදියි

අම්බලන්ගොඩ දී වෙඩිතැබීමක් – ඉලක්කය වරදියි

අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර ඇති බවත් එම වෙඩි තැබීමට ඉලක්ක වූ පුද්ගලයාට වෙඩි නොවැදී ඇති බවත් බවාර්තා වේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලවී ඇති බවය.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදියට හානි සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළකරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්