චීනය හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික විරසක භාවය දුරකරලමින් නැවත වරක් දෙරට අතර ගනුදෙනු ආරම්භ කිරීමේ ඉඩකඩ විවර වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ පසුගිය දිනෙක ජපානයේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමති ටොෂිහිරෝ නිකායි ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපන් දූත පිරිසේ මෙම චීන සංචාරයේදී ජපාන අගමැති ෂින්සෝ අබේ එවන ලද පුද්ගලික ලිපියක් චීන ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ.
ජපන් අධිරාජ්‍යයාගේ යටත් විජිතයක්ව පැවති චීනය ඉන් නිදහස ලබා ගැනීමට කළ අරගලයත් දෙවන ලෝක යුද්ධයේදී ජපන් ආක්‍රමණයන්ගෙන් සිදු වූ විනාශයන් පිළිබඳවත් චීන ජනාධිපතිවරයා මතක් කරමින් ජපන් නියෝජිතයි වෙත ප්‍රකාශ කර ඇත්තේ ජපාන ආක්‍රමණ වසා තැබීමට ඉතිහාසය ඉඩ නොදෙන බවය.
එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන් 70වන ලෝක යුද සැමරුම වෙනුවෙන් දැනටමත් හමුදා පෙළපාලියක් සංවිධානය කර ඇති බවත් පසුගිය බ්‍රහස්පතින්දා තම යුද ගුවන් යානා ඒ වෙනුවෙන් පළමු වරට ජපානයේ මියාකෝ හා ඔකිනාවා දූපත් අතර පිහිටි මියාකෝ සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කරවීම සිදු කළ බවද චීන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
පසුගිය වසර කිහිපය පුරාම චීනය හා ජපානය අතර දරුණු මත ගැටුමක් නිර්මාණය වී තිබෙන අතර ඒ දෙරටම අයිතිවාසිකම් කියනු ලබන දූපතක් සම්බන්ධයෙනි. ස්වාභාවික සම්පත්වලින් පිරි සමුද්‍රය මැද පිහිටි එම දූපත ආර්ථික වශයෙනුත් ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබේ. ඇමෙරිකානු පෙළඹවීම මත ජපානයද පසුගිය කාලය පුරාවට චීනය පිළිබඳ මතභේදාත්මක ප්‍රකාශයන් නිකුත් කරනු ලැබූ අතර ඇමෙරිකානු හමුදා සමග එම ප්‍රදේශයේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසද පවත්වනු ලැබීය. කෙසේ වෙතත් නැවත වරක් ජපාන මැදිහත් වීම තුළින් දෙරට අතර විරසකභාවය දුරු කරගැනීම සඳහා යහපත් ප්‍රවේශයක් ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරේ.









