මව-දුව ඝාතනයේ තිදෙනෙක් නිදහස්

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටියදී 2014 ජූලි 17 වැනි දා ඝාතනය කර පුළුස්සා තිබිය දී සොයා ගත් 63 හැවිරිදි එල්.ජී. ප්‍රේමවතී නම් මවගේත් එච්.ජී. පුෂ්පකුමාරි නම් දියණියගේත් ඝාතනයේ සැකුකරුවන් ලෙස චෝදනා ලබා සිටි සැකකරුවන් අතරින් තිදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා දෙන්නකෝන් මහත්මිය විසින් අද (28) නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

එහි ප්‍රධාන සැකකරුවන වන ආචාරිගේ සිරිපාලගේ සාක්කිය පහරස්පර වීමත්, සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් නිසා සැකකරුවන් මුදා හරින බව විනිසුරුවරිය ප්‍රකාශ කර තිබේ.

නාමල් චමින්ද සිල්වා, නුෂාර ලොකුගම්හේවගේ හා එල්.ජී. මිතිල නිදොස් කොට නිදහස් කරනු ලැබුවෝ වෙති.

Facebook
Twitter
LinkedIn