යාපනය, පුංකුඩිතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කර මරා දැමූ පුද්ගලයින්ට දැඩි දඬුවම් පමුණුවන්නැයි බලකරමින් ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටත් අද (28) පැවැත්විණ.
මෙම විරෝධතාවය සමගාමීව ඊයේ (27) දිනයේ පාසල්වල විනාඩියක විරෝධතාවයක් දක්වනු ලැබීය.


Views: 0









