ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළිත් වරක් විදුලිය, තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.
ඒ අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල සහ සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා හෝ වැඩ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
1









