මේ වනවිට ඩෙංගු වැළඳුනු දරුවන් 40ක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ප්‍රතිකාර ලබන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අවධාරණයෙන් පෙන්වා දෙයි.
එසේම ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබූ දරුවන්, කඩිනමින් යළි වෙහෙසකර කාර්යයන්ට යෙදවීම තුළින් අක්මාවට සිදුවන හානිය දරුණු විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
0










