රාජිතට යහපාලනය අමතකවෙයි…

වැඩ වර්ජනයේ නිරත ආදේශක සහ අනියම් සෞඛ්‍ය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊට අදාළව නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

6/2006 චක්‍රලේකය අනුව හිග වැටුප් ලබා ගැනීම, රුපියල් 3,000ක විශේෂ දීමනාව සියළුම සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ලබා ගැනීම සහ උසස්වීම් විදිමත් කරගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් අනුව සේවයට වාර්තා නොකර කටයුතු කරන සෞඛ්‍ය කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එමෙන්ම රෝහල්වල සුළු සේවා පාලක කාර්යාල වසා තබා ඇති පාලකවරුන්ටද දැඩි විනය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා දැනුම්දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

පසුගිය රාජපක්ෂ පාලනය වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමේ කම්කරුවන්ගේ අයිතිය නොසලකා දඬුවම් කිරීම්, බියවැද්දීම් සහ වෘත්තීය සමිති නොසලකා හරිමින් කටයුතු කළ අතර එය එම ආණ්ඩුව පිරිහීමට ලක්වීමේ එක් ප්‍රධාන සාදකයක් විය. කෙසේ නමුත් වත්මන් මෛත්‍රී-රනිල් ආණ්ඩුවද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දෙස බලන්නේ රාජපක්ෂ කෝනයෙන්නම් වත්මන් ආණ්ඩුවටද රාජපක්ෂ පාලනයට අත් වූ ඉරණම අත්වන බව වාත්තීය සමිති පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn