සමනළවත්තේ අතුරුදන් අයෙක් පොලිස් අත්අඩංගුවේ

සමනළවත්තේ අතුරුදන් අයෙක් පොලිස් අත්අඩංගුවේ

බලංගොඩ – සමනළවත්ත ප්‍රදේශයේ අතුරුදන්වූ බව කියන 38 හැවිරිදි පුද්ගලයා ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇතැයි වාර්තා වේ.

ඒ, ඔහු විසින් බලංගොඩ – දියවේල්ල ප්‍රදේශයේ නිවසකට පැන එහි තිබූ රුපියල් 12,000ක මුදලක් හා නිවෙස් හිමියන් ආහාරය සඳහා ගැනීමට සකසා තිබූ බත් මුට්ටිය පැහැර ගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මතය.

පසුගිය 08 වනදා දළු කැඩීම සඳහා නිවසින් පිටව ගියද ඔහු යළි නොපැමිණි බවට ඔහුගේ බිරිද විසින් බලංගොඩ පොලීසියට පැමිණිලි කර තිබිණි.

මෙම ප්‍රදේශයේ 09 හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නමැති පෙර පාසල් දරුවෙකුද මීට වසර 05කට පමණ පෙර අතුරුදන්වූ අතර පසුගිය 03 වනදාද 45 හැවිරිදි පුද්ගලයෙකුද එම ප්‍රදේශයෙන් අතුරුදහන් වී සිටි අතර ඔහු පිළිබඳවද මෙතෙක් තොරතුරක් ලැබී නැත.

ආශ්‍රිත පුවත් – සමනළ වත්තේ පුද්ගල අතුරුදන් වීම් සිදුකරන්නෙ දිවියන්ද?

Facebook
Twitter
LinkedIn