කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ප්‍රසව හා නාරිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු පිරිසකට පහරදුන් සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාරවලට වර්ජනයෙන් බාධාවක් සිදු නොවන බවයි ඔහු කියා සිටී.
0










