සමනළ වත්තේ පුද්ගල අතුරුදන් වීම් සිදුකරන්නෙ දිවියන්ද?

සමනළ වත්තේ පුද්ගල අතුරුදන් වීම් සිදුකරන්නෙ දිවියන්ද?

බලංගොඩ සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු පෙරේදා (08) උදෑසන සිට අතුරුදහන් වී ඇති අතර මීට දින කිහිපයකට පෙර එනම් පසුගිය 03 වනදාද පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙන අතර මීට වසර 05කට පෙර පාසල් දරුවෙකුද අතුරුදහන් වී තිබිණි. ඔවුන් කිසිවෙකුත් මේ වනතුරු යළි හමුවී නැත.

පසුගිය 08 වනදා අතුරුදහන්ව ඇති පුදගලයා වයස අවුරුදු 38ක් වන අතර සමනළවත්ත ප්‍රදේශයේ පදිංචි තුෂාර සමිපත් නැමැති විවාහක අයෙකි. දහවල් 11.00 වන වටත් නිවසට නොපැමිණි නිසා බිරිඳ තේ වත්තට ගොස් සොයා බැලීමේදී අතුරුදහන් වු පුද්ගලයා පැලද සිටි සෙරෙප්පු දෙකන් එකක් හා තේ දලු නෙලීමට යොදා ගත් පොහොර උරය සොයා ගෙන තිබේ. තමන් තේ වත්තට යන බව පවසා නිවසින් පිටව ගිය බව සිය බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඊයේ දවස පුරා පොලිසිය මගින් පුලුල් සෝදයි මෙහෙයුමක් ආරම්භ කළද අතුරුදහන් වු පුද්ගලයා පිලිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.

එමෙන්ම ඉකුත් (03) අතුරුදහන් ඇති පුද්ගලයාද සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිට 45 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව නිවසින් පිටව ගිය බව ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

එමෙන්ම මීට වසර පහකට පමණ පෙර හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නැමති 09 හැවිරිදි වියේ පසු වූ පාසල් දරුවකුද අතුරුදහන් වු අතර ඔහු පිළිබඳවද මෙතෙක් කිසිදු තොරතුරක් හමුවී නැත.

සමනළ වත්ත ප්‍රදේශයේ නිතර දිවියන් ගැවසෙන බව ප්‍රදේශීවාසිහු ප්‍රකාශ කරති. නිවෙස්වල ඇති කරන සුනඛයින්, බලලුන්, එලුවන්, කුඩා ගව පැටවුන් නිතර අතුරුදහන් වන බව ප්‍රදේශීවාසිහු වැඩි දුරටත් පෙන්වා දෙති.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Facebook
Twitter
LinkedIn