කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05හි තිබූ සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ලිපිගොනු කිහිපයක් පසුගිය සඳුදා කිනයේ සිට අතුරුදන්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල අතුරුදන් වීම සම්බන්ධයෙන් අධිකරණය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මීට අදාළ නිලධාරීන් පස් දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද නිර්නාමික පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තා වේ.
4










