video: රාජපක්ෂ ආණ්ඩුව ගැන විජේමුණි යලිත් කතාකරයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ අමාත්‍යාංශවල තීන්දු තීරණ ගනු ලැබූවේ අදාළ ඇමතිවරුන් නොවන බව වාරිමාර්ග ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා ප්‍රකාශ කර තිබේ. ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ ඇමතිවරුන් පසෙක සිටියදී අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනිකුත් නිලධාරීන් යොදවා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ බවය.

තමන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී තීරනවලට අනුව බවද මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම ප්‍රජාතන්ත්‍රවාදය නොතිබීම නිසා පරාජය වූ බවද සඳහන් කරයි. එම පරාජයේ ආරම්භය විමල් වීරවංසගේ ක්‍රියාකලාපය බව විජේමුණි අමාත්‍යවරයා චෝදනාත්මකව පවසා තිබේ. VIDEO

Facebook
Twitter
LinkedIn