පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම්, ඒ පිළිබඳව සිය අමාත්‍යංශය දැනුවත් කරන්නැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.
කැබිනට් අනුමැතිය පරිදි මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත් නිසි පරිදි වැටුප් නොලැබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද වැටුප් නොලැබීම සම්බන්ද පැමිණිලි පිළිබඳව සොයා බැලීමට වහා කටයුතු කරන බවද අමාත්‍යාංශය දැනුම්දෙයි.
මේ අනුව මෙලෙස වැටුප් නොලැබීමක් සිදු වන්නේ නම් වහාම අදාල අංශයන් වෙත දැනුම් දීමට කටයුතු කරන්නැයිද පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
1









