කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගිය දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර හමන්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත ප්‍රදේශයේ පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මියගිය කාන්තාව ඉකුත් 27 වැනිදා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ අතර පිරිමි පුද්ගලයා 28 වෙනි දින රෝහල් ගතව ඊයේ (29) මිය ගොස් තිබූ බව හදිසි මරණ පරීක්ෂකවරිය අනාවරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්