විදේශ ණය කපා හැරීමෙන් පසුව වුවද දරුණු තත්වයක්!

විදේශ ණය කපා හැරීමෙන් පසුව වුවද දරුණු තත්වයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යූහගතකරණය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදු කළ යුතු වුවද, ඉන් පසුව අත්‍යාවශ්‍ය ආනයන ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුණු තත්වයක් පවතින බව අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මස 06 වෙනි දින ඉදිරිපත් කරන ලද “විස්තීරණ ණය පහසුකම් යටතේ දීර්ඝ කාලීන විධිවිධානයක් සඳහා වන ඉල්ලීම” නම් වාර්තාවේ විධායක සාරාංශය තුළ මේ බව සඳහන් කර තිබේ.

එය සඳහන් කර තිබෙන්නේ “විදේශ ණය කපා හැරිමේ පසු වුවද, ඉන්ධන සහ බල ශක්තිය වැනි අත්‍යාවශ්‍ය ආනයන ආවරණය කිරීමට නිදහසේ භාවිතා කළ හැකි සංචිත ප්‍රමාණවත් නොවේ.” යනුවෙනි.

මේ අනුව මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව අවධාරණය කර තිබෙන්නේ “විදේශ ණය කපා හැරීමෙන් පසුව” වුවද මෙරටට අත්‍යාවශ්‍ය වන ඛනිජ තෙල් සහ ගල් අඟුරු, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට ප්‍රමාණවත් වන සංචිත රටට නොමැති බවය.

Facebook
Twitter
LinkedIn