ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට දානවා – විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට දානවා – විජයදාස රාජපක්ෂ

ලබන බදාදා පළමුවර කියවීම සඳහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ අවධාරණය කරයි.

මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බැවින් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබිණි.

එමෙන්ම සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම පනත් කෙටුම්පතට විරෝධය දක්වා ඇත.

එවන් පසුබිමක එම සියලු විරෝධතාවයන් නොතකා මෙලෙස ලබන 25 වනදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ සැලසුම් කසක්කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn