මහජන මුදල් කොල්ල කෑ හිටපු පේරු ජනපති එක්සත් ජනපදයෙන් පිටුවහල් කරයි

මහජන මුදල් කොල්ල කෑ හිටපු පේරු ජනපති එක්සත් ජනපදයෙන් පිටුවහල් කරයි

හිටපු පේරු ජනාධිපති 77 හැවිරිදි අලෙහන්ඩ්‍රෝ ටොලේඩෝ (Alejandro Toledo) ලීමා වෙත පිටුවහල් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද බලධාරීන්ට භාර වී තිබේ.

ඔහු, 2001 සහ 2006 අතර කාලය තුළ බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 20ක් අල්ලස් ගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. එල්ල වූ චෝදනා සමග පේරු හිටපු ජනාධිපතිවරයා තමන්ගේ රටින් අමෙරිකාවට පැන ගියේ ය. නමුත් පේරු රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්, තමන්ගේ රටේ ජනතාවගේ මුදල් වංචාකළ හිටපු ජනාධිපති නැවත පේරු රාජ්‍යයට උද්ධර්පනය කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ

ඒ අනුව එක්සත් ජනපද බලධාරීන් පේරු හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති වරදකරුවුවහොත් ඔහුට අවුරුදු 20ක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.

තමාට එරෙහි චෝදනා දේශපාලනික චේතනාවෙන් කරන ලද ඒවා බව හිටපු පේරු ජනාධිපති අලෙහන්ඩ්‍රෝ ටොලේඩෝ පවසා සිටී.

හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් ඔහු අමෙරිකාවෙන් පිටුවහල් කිරීම වළක්වා ගැනීමට හදිසි වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළද එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කැලිෆෝනියාවේ උතුරු දිස්ත්‍රික් අධිකරණය මීට පෙර සොයා ගෙන තිබුණේ හිටපු පේරු ජනාධිපති කුමන්ත්‍රණ සහ මුදල් විශුද්ධිකරණය කළ බවට තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවය.

මහජන මුදල් කොල්ල කෑ නායකයින් රටින් පැන ගියත් නීතියේ රැහැනින් බේරී සිටිය නොහැකි බවට උදාහරණයක් මෙම සිදුවීමෙන්ද මනාව තහවුරු වේ..

Facebook
Twitter
LinkedIn