ලබන 25 වන අඟහරුවාා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්ත විරෝධී පනතට විරෝධය දැක්වීම ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
0










