මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන ප්‍රධානියෙකු වන වාසුදේව නානායක්කාර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ඉතා පරුෂ වචනයෙන් බැනවදිමින් ඉතාමත් අවිනීත ලෙස හැසිරී තිබේ.
චෝදනා ලැබ සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රණ් සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන වාර්තාව ගැන විවාදයක් ඉල්ලා සිටි අවස්ථාවේදී වාසුදේව නානයක්කාර මහතා මෙසේ හැසිරිණ.
සභ්‍යත්වයක් සහිත කිසිවෙකුට හෝ අසා සිටිය නොහැකි ආකාරයෙන් එවැනි ප්‍රකාශ සිදු කරන විට ඔහු අසලම සුමේධා ජී ජයසේන මන්ත්‍රීවරිය අසුන්ගෙන සිටි අතර මහජන ගැලරියේ පාසල් සිසු සිසුවියන් පිරිසක්ද සිටියහ.
දේශප්‍රේමී මෙන්ම ඉතාමත් විදග්ද ලෙස කටයුතු කරන්නන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින මොවුන්ගේ හැසිරීම්වලින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ කල්ලිය අද වනවිට ඇදවැටී ඇති තත්වයේ ස්වභාවයයි.
Views: 0









